28.4 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියක් පැහැරගත් තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් පැහැරගත් තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 15 යි මාස 07 ක් වන පාසල් දැරියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගිය බව කියන 23 හැවිරිදි තරුණයෙක් වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – ස්මයිල්පුරම් පදිංචිකරුවෙක්.

උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 25 වැනිදා නිවසින් ගිය තම දියණිය නැවත නිවසට නොපැමිණි බව පවසමින් දැරියගේ මව විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවයි පොලීසිය විමර්ශන අරඹා ඇත්තේ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම තරුණයා විසින් දැරියව පැහැරගෙන ඇති බවයි පොලිස් විමර්ශනලවදී අනාවරනය වී ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.