ශ්රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් 2024 අගෝස්තු මස 16 වැනිදා සිට ශ්රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරුණා.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් ඊයේ (26) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර තිබෙනවා.