28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමි බැහැදකී

ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පෙරවරුවේ අමරපුර මහා නිකායේ මහානායක අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා අද (28) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත පැමිණියා.

එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළා.

අනතුරුව මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡ කළේය.

ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත් ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ඉකුත් දෙවසර තුළ තමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා ගෙන යමින් නැවත රට ආර්ථික ගැටළුවකට මුහුණ නොදෙන පසුබිමක් සැකසීම වෙනුවෙන් තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.