28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට ගොඩදාන්න පුළුවන් සජිත්ට විතරයි - හර්ෂ

රට ගොඩදාන්න පුළුවන් සජිත්ට විතරයි – හර්ෂ

තමා දුප්පත් කියන වචනෙට අකමැති බවත් රට ගොඩ දාන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) සමගි ජන බලවේගයේ කෝට්ටේ ආසනයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙය අපි කොහොමහරි දිනිය යුතු මැතිවරණයක් බවත් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව කෙසේ හෝ ගොඩගත යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

අපි 4 වැනිදා blue print එක ඉදිරිපත් කරනවා. අපේ blue print එකට ගහන්න එකක් කා ළඟවත් නෑ. ඔක්කොම එකතු වෙන තැන සමගි ජන බලවේගය. රට ගොඩදාන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස විතරයි. අපි ගාව පස්ස දොරෙන් බිස්නස් නෑ. මිනිස්සු අරගල කළේ system වෙනස් කරන්න. අපිට ඕනේ ජනතාවගේ ඇත්ත වරමකින් රට ගොඩගන්න. මේ කියන හැම ඉලක්කමකට අපි ගනන් හදලා තියෙනවා. දැන් අස්වැසුම 5000 දෙන්නේ. ඇත්තටම ඒ ගාන මදිනෙ. කෝට්ටේ කියන්නේ අපෙ හදවත. අපි මේ ආසනය දිනවලා තමා නවතින්නේ.”