26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්මව රිදියෙන් බැබලවූ සචිත්‍රා අද දිවයිනට

ලක්මව රිදියෙන් බැබලවූ සචිත්‍රා අද දිවයිනට

ස්වීඩනයේ පැවති ලෝක ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් සචිත්‍රා ජයකාන්ත අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

මෙම මළල ක්‍රීඩා තරගාවලිය ලෝකයේ රටවල් 119 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,250 ක ගේ සහභාගීත්වයෙන් පසුගිය 13 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවැත්වුණා.

ඇය ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ නායිකාව ලෙස කටයුතු කරන අතර මෙම මළල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 05.24 ක ප්‍රමාණයක් දුර පනිමින් ඇය මෙම රිදී පදක්කම දිනා ගනු ලැබුවා.

සචිත්‍රා ජයකාන්ත අද අලුයම 04.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.