31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිරාන් බාසික්ගේ පුත්‍රයා ඇප මත නිදහස්

ශිරාන් බාසික්ගේ පුත්‍රයා ඇප මත නිදහස්

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් ඇප මත නිදහස් කර තිබෙනවා.

මොහු අද (28) අලුයම ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණීමේ දී වැල්ලවත්ත පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත්තා.

2024 පෙබරවාරි මස 16 වැනිදා හැව්ලොක් සිටි ඉදිරිපිට රාජකාරියේ නිරත ව සිටි පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයෙන් අනතුරට ලක් කර මිනීමැරීමට උත්සාහ දැරීමේ චෝදනාව සහ රිය අනතුරක් සිදු කර පලා යෑමේ චෝදනා මත මොහු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.