30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමතුගම ශාන්ගේ ප්‍රධාන ගෝලයා ඩුබායි සිට දිවයිනට රැගෙන එයි

මතුගම ශාන්ගේ ප්‍රධාන ගෝලයා ඩුබායි සිට දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් විසින් අද (29) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

33 හැවිරිදි වියේ පසුවන මොහු පසුගියදා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අතර අද 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

මොහු ‘මතුගම ශාන්’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස දිවයිනට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මතුගම පොලිසිය වෙත භාර දී තිබෙනවා.