27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරු හා තවත් අයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරු හා තවත් අයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් පින්වත්ත බස් නැවතුමේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් සිදු කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරුවී, කඩවත දක්වා ගමන්කර එහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කර ඇති බවයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට භාරදීමට නියමිතයි.