― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසමස්ත රාජ්‍ය‍ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරනවා - සුසිල්

සමස්ත රාජ්‍ය‍ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරනවා – සුසිල්

රාජ්‍ය‍ සේවයේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රුපියල් 55,000ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හුදු ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේම වැටුප් විෂමතා ඉවත් කරන බවත්ය.

එමෙන්ම මුදල් අච්චු ගැසීමකින් තොරව බංකොලොත්භාවයෙන් රට මුදා ගත් පරිදිම ඉදිරි සැලසුම් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ වෙනත් දේශපාලන පක්ෂ ඊට වඩා වැඩි මුදලකින් පඩි වැඩි කරන බව පැවසුවත් ඊට අදාළ කිසි දු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම නිසා මහජන විශ්වාසය දිනාගත නොහැකි වන බවයි.

බදු වැඩි නොකර ණය ලබා නොගෙන, මුදල් ද අච්චු නොගසා වැටුප් වැඩි වීමක් සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගන්නා ක්‍රමවේදය පිළිබඳ විශාල ලෙස පඩි වැඩි කරන බවට දේශපාලන වේදිකා‍වල ප්‍රකාශ නිකුත් කරන අය පැහැදිලි කළ යුතු ව ඇතැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතුව පවතින බවයි හෙතෙම අවධාරණය කළේ.