― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නම් කරන ලද ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළැඹෙන සැප්තැම්බර් මස 04, 05 හා 06 යන තෙදින පැවැත්වීමට නියමිත අතර එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි පිරිස්ට සැප්තැම්බර් මස 11 හා 12 යන දෙදින ඡන්දය භාවිත කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව දී තිබෙනවා.

සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලයි.

එමෙන්ම සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.