25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථ අනතුරකින් 7 දෙනෙක් රෝහලේ

බස් රථ අනතුරකින් 7 දෙනෙක් රෝහලේ

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ අද (30) අලුයම බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයේ රියදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව තංගල්ල, මාරපොල්ලිය පාලමේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ 07 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

පාලමේ ගැටීමත් සමඟ බසයේ ඉදිරිපස වම් කොටස කඩාගෙන ඇලට වැටී ඇති අතර බසයේ ගමන් ගත් මගීන් 5 දෙනෙකු වතුරට වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.