30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමෝදරදී දුම්රියක් පීලි පනී

දෙමෝදරදී දුම්රියක් පීලි පනී

බදුල්ල සිට නුවර දක්වා ධාවනය වූ දුම්රියක් දෙමෝදරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම දුම්රිය අද (30) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ රේල් ගේට්ටුව අසළදී පීලි පැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය නිලධාරීන් පවසන්නේ හැකි විගස දුම්රිය පීලිගත කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය සතියේදී ද මෙම ස්ථානයේම මෙම දුම්රිය පීලි පැනීමට ලක් වුණා.