― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබය නැතිව රට භාරගත හැකි තරුණ පිරිසක් නිර්මාණය කරනවා - ජනපති

බය නැතිව රට භාරගත හැකි තරුණ පිරිසක් නිර්මාණය කරනවා – ජනපති

බය නැතිව මේ රටේ නායකත්වය භාරගත හැකි තරුණ පිරිසක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජාතික තරුණ සමුළුව අමතමිනි.

රටේ හෙට දවස භාර වන්නේ අද දවසේ තරුණ පරපුරට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදී වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් කළා.

“මෙම ස්ථානයේ සිටින ඔබ සියලුදෙනා Gen Z පරපුරට අයත් පිරිසයි. ඉදිරියේදී රට භාරගත යුත්තේ ඔබයි. සෑම විටම සඳහන් වෙනවා ඝෙන් Z පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. ඒ වගේම ඔවුන් ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා. දැන් අප සිතිය යුත්තේ රටේ
ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහාමද කියලයි. තරුණ පරපුර කියන්නේ අපි 2020 පොහොට්ටුවට ඡන්දය දුන් නමුත් අපේ බලාපොරොත්තු සුන් වුනා කියලයි. තවත් පිරිසක් කියනවා අපි 2015 යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන්නා නමුත් අපේ බලාපෙරොත්තු ඉටු වුණේ නැහැ කියලා. ඒ නිසා අපිට දේශපාලනය එපා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.

මම 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදි සඳහන් කළා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 03ක් හොයාගත්තේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතික පක්ෂය පරාජය වීමයි. එහෙම නම් මමත් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ඇත්ත කියපු නිසා කවුරුවත් මට
ඡන්දය දුන්නේ නැහැ. නමුත් මම දේශපාලනයෙන් ඉවත් වුණේ නැහැ. මේ රට බේරා ගත යුතුව තිබු නිසා රට භාර ගත්තා. මම රට භාර ගත්තේ ඔබට අනාගතයක් ලබාදීම සඳහායි. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්ව මේ ගමන යා යුතුයි. මෙයින් ඉවත් වුවහොත් එය අපරාධයක් වෙනවා. මේ තීරණය වන්නේ ඔබේ අනාගතයයි.

තව අවුරුදු 15 කින් ගෑස් නැතිව විදුලිය නැතිව දුක් විඳිමට අපට සිදු වෙනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපනයන ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමට අප කටයුතු කළේ. එය ක්‍රියාත්මක කිරීම සඳහායි මෙවර ජනාධිපතිවරණයේ දී මම ජනතා වරමක් ඉල්ලා සිටින්නේ.

රටේ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් අප අතර සාකච්ඡා තිබිය යුතුයි. ඒ වගේම නැවත තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්ම, කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය වීමත් සමග නව රැකියා අවස්ථා බිහි වෙනවා. Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම
මගේ අරමුණයි. එවිට ආණ්ඩුව භාර ගන්න කියලා කිව්වොත් කාටවත් දුවන්න අවශ්‍ය වන්නේ නැහැ. බය නැතිව මේ රටේ නායකත්ව භාරගත හැකි තරුණ පිරිසක් රට තුළ නිර්මාණය වෙනවා.”