― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබොරු පොරොන්දු දෙන අයට රටේ වගකීම දෙන්න එපා - ජනපති

බොරු පොරොන්දු දෙන අයට රටේ වගකීම දෙන්න එපා – ජනපති

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) හම්බන්තොට
බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැළියට එක් වෙමිනි.

තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බවත්
තමා හා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් අතර වෙනස එය බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

අසීරුවෙන් ගොඩනඟාගත් රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් ඉදිරියට යා යුත්තේ නිවැරදි කළමනාකරණයක් සමඟ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අංක ගණිතය නොදත්, බොරු පොරොන්දු පමණක් දෙන නායකයන්ට රටේ වගකීම භාර දිය නොහැකි බව අවධාරණය
කළා.

“2022 වසරේ මා භාරගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සියලුදෙනාට ආරාධනා කළා. රට බේරගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ඉවරයි. අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ බහුතරයක් මට සහාය ලබා දුන්නා. එදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් මට එම සහාය
ලැබුණා. මම ඒ පිළිබඳව ස්තූවන්ත වෙනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට තුළ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර දීම සඳහායි.

අපට මුදල් ලැබීමත් සමඟ අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි
දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා. අද අපි සෑම ක්ෂේත්‍රයකටම සහන ලබා දී තිබෙනවා. උක් වගාවටත් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර ලබා දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි.මුදල් නැතිව සහනාධාර ලබා දෙන්නේ කොහොමද? ඒ නිසා ජනතාවට සහන දිය යුත්තේ ආදායම් වැඩිකරගෙනයි. මෙම අංක ගණිතය නොදත් අය රටේ ජනාධිපති වන්නේ කොහොමද කියා මම අහන්න කැමතියි.”