23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීමට ජපන් රජය එකඟ වී තිබෙනවා.

මේ වන විට IM Japan ආයතනය මගින් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදෙනු ලබන්වා.

ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්‍රවල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබාදීමටයි ජපාන රජය මෙලෙස එකඟතාවය පළ කර ඇත්තේ.

පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura), අධ්‍යක්ෂක මසනෝබි කොමියා (Masanoby Komiya) යන අය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමු වුණා.

එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුවයි ජපාන රජය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් ලබදීමට එකඟත්වය පළ කර ඇත්තේ.