හමුදා සෙබළුන්ට ආහාර සලාකයක් ලබාදීම වෙනුවට ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එම දීමනාව එක් කිරීමට තීරණය කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (29) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට හමුදාවෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවයි.
ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 55,000කට පමණ ලබන වසරේ සිට මෙම දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.