― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල් කියන්නේ පිං ජනාධිපති කෙනෙක් - වජිර

රනිල් කියන්නේ පිං ජනාධිපති කෙනෙක් – වජිර

රනිල් වික්‍රමසිංහ යනු පිං ජනාධිපති කෙනෙක් බවත් රාජ්‍ය සේවයේ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා විසින් සාදා අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (03) කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහට එලැඹෙන ජනාධිපතිවරණයේදී යුතුකම ඉටුකළ යුතු බවත් විපක්ෂය ඉදිරියේදී රටේ ජනතාව බංකොලොත්භාවයට රැගෙන යන කණ්ඩායමක් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

“2022 රට ගෙනියන්න බැරි වුනා. ඒ අනුව මැයි 12 රට භාරගන්නවා එදා ඔහු කියනවා හැමෝම සහය දක්වන්න එකතු වෙන්න කියලා. ඊටපස්සේ මැතිවරණවලට මුදල් වෙන් කිරීම සීමා කරන පනත, ආර්ථික සංවර්ධන පනත ඇතුළු අණ පනත් සියයකට වඩා සම්මත කරගන්නවා. ආර්ථිකය ඉල්ලක සහගතව යන්න නීති හදලා තියෙන්නේ. එය තමයි ජාත්‍යන්තරය පිළිගන්නේ ණය ගෙවන ආකාරය. සල්ලි අච්චු නොගහා මහබැංකු පනත සම්මත කරගන්නවා. ජනතාවට වංචා සහගත තත්වයන්ගෙන් වැළකීමට
දූෂණ විරෝධී පනතක් ගෙනාවා.

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත කරලා තියෙන්නේ රට නැවත බංකොලොත් වීම නවත්තන්න. මේ ආර්ථික පනතට අනුව තමයි රනිල් වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් වන්නේ. රටට කිසිම හානියක් නොවී මැතිවරණ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ එතකොට. 2021 තමයි මේ කළමනාකරණ සේවය හැදුවේ රාජ්‍ය පරිපාලනයේ පරිවර්තනයක්‌ අවශ්‍යයි.

අවිධිමත් සේවකයන් ඉන්නවා සැම අංශයකම. ජාතික ප්‍රතිපත්තියන් අවශ්‍යයි. මේ සදහා වන ඉදිරි වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහ හදලා තියෙන්නේ. රටක් වැටෙනකොට, පළපුරුදු නායකයෙක් ඉදිරිපත් වෙනකොට තවත් අපේකෂකයෙක්‌ ඉදිරිපත් කිරීමම අනුවණ දෙයක්. අපි හිතනවා රටේ ජනතාව යුතුකම ඉෂ්ට කරයි. ඔහු පිං ජනාධිපති කෙනෙක් කියනවා. ඔව් මහා පිනක් තියෙන නායකයෙක්. ඔහු ලෝකේ කොහේ ඉපදුනත් කෘතහස්ත දේශපාලන නායකයෙක් වෙනවා.

මේ තැපැල් ඡන්දය භාවිතා කිරීම ගැන ජනතාව කල්පනා කළ යුතුයි. විදේශ රටවලින් මුදල් අරන් බලයට එන්න උත්සාහ කරන අයත් එක්ක අපි රනිල් වික්‍රමසිංහට යුතුකම ඉෂ්ඨ කළ යුතුයි. මේ අවාසනාවන්ත තත්වයට හේතුව මේ විපක්ෂය ඉදිරියේදී රටේ ජනතාව බංකොලොත්භාවයට අරන් යන කණ්ඩායමක්. තව කණ්ඩායමක් හා දර්ශනයක්‌ පිළිඅරගෙන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පක්ෂයකට දීලා මහපාරේ නිදියගෙන දුක් විඳින්න සූදානම් වෙන්න වෙයි. ඒක 21 වෙනිදා රාත්‍රියේ ජනතාව තේරුම් ගනියි. රනිල් වික්‍රමසිංහ ස්වාධීනව තරඟ කරන්නේ ඕන කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් නිසා.”