― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොහොට්ටුවේ 90%ක්ම ඡන්දෙ දෙන්නේ රනිල්ට - හැරිසන්

පොහොට්ටුවේ 90%ක්ම ඡන්දෙ දෙන්නේ රනිල්ට – හැරිසන්

සජිත් ප්‍රේමදාසට ලබාදෙන මනාපය ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන මනාපයක් හා සමාන බවත් එය මේ රටේ අනාගතය නැවත විනාශ කිරීමට ලබාදෙන මනාපයක් බවත් හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියයට අනූවක පිරිසක් රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දෙන බවයි.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්‍ෂ පනස් පහක් ලබා ගත්තත් එය මෙවර මැතිවරණයේදී ලක්ෂ 27 ක් දක්වා අඩුවන බවත් රටේ සියයට හතළිහක් ජනතාව තවමත් ඡන්දය ලබා දෙන්නේ කාටද කියලා තීරණය කර නැති පසුබිමක් තිබෙන බවත්ය.

මේ වනවිට සියලුදෙනාම ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වා ඇති බවත් ඒ සියලු දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරුණු බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ ඉදිරියේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් අනතුරුව තවත් රාජ්‍ය සේවකයින් බඳවා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.