― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදාලා ගිය බිරිඳ ඉල්ලා සැමියා ගසක නගියි

දාලා ගිය බිරිඳ ඉල්ලා සැමියා ගසක නගියි

තමා අතහැර ගිය බිරිඳව යලි නිවසට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් සැමියෙක් ගසක නැග විරෝධතාවක නිරත වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මොහු වව්නියාව මූලස්ථාන පොලීසිය ඉදිරිපිට පිහිටි ගසකට නැග ඊයේ (03) මෙම විරෝධතාවේ නිරත වූ බවයි.

මෙලෙස විරෝධතාවේ නිරත වී ඇත්තේ වව්නියාව, බණ්ඩරිකුලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙක්.

තමන්ගේ බිරිඳ නොමැති වීම දරුවන් දෙදෙනාට ඉවසාගත නොහැකි බැවින් පොලීසියේ මැදිහත් වීමෙන් කෙසේ හෝ බිරිඳ නැවත නිවසට ගෙන්වා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

කෙසේනමුත් මෙම පුද්ගලයා බිමට බස්වා ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව සොයාබලා බිරිඳ නැවත ගෙන්වා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවයි එම පුද්ගලයා ගසෙන් බිමට බැස ඇත්තේ.

පොලිසිය සැක පළ කරන්නේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මෙලෙස පවුල අතහැර ගොස් ඇති බවයි.