30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලි ප්‍රහාරයකින් සිවුදරු පියෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් සිවුදරු පියෙක් ජීවිතක්ෂයට

කුඹුර ආරක්ෂා කිරීම සඳහා ගිය පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරගහකන්ද, නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි වියේ පසු වූ සිවුදරු පියෙක්.

කුඹුරට පැමිණි වන අලි රංචුවක් මෙම පුද්ගලයා සිටි පැල සම්පූර්ණයෙන්ම පහරදී බිමට සමතලා කොට දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වන අලි වසර ගණනාවක් තිස්සේ මෙම ගම්මානවලට කඩාවදින අතර මීට පෙරද මෙම ගම්මානයේම 08 දෙනෙකු පමණ වනඅලි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.