27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් ජාවාරමේ යෙදුණු කතක් STF දැලේ

හෙරොයින් ජාවාරමේ යෙදුණු කතක් STF දැලේ

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (04) වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ගැමුණු මාවති සිදු කළ වැටලීමකදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමෙ යෙදුණු ඔරුගොඩවත්ත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 750 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 25,000ක් ද මෙම කාන්තාව සමග අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.