27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය අමාත්‍යවරු සිවුදෙනෙක් ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරු සිවුදෙනෙක් ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඊයේ (05) රාත්‍රියේ ඉවත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත් කර තිබෙනවා.