ඉන්දියාවෙන් පළමු වරට ‘වඳුරු උණ’ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහු වඳුරු උණ ව්‍යාප්තව පවතින රටක සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයෙකු බවයි.
ඒ අනුව මෙම පුද්ගලයා නිරෝධායනය කර තිබෙනවා.
එම පුද්ගලයාගෙන් සාම්පල ලබාගෙන පරීක්‍ෂණ සඳහා යවා ඇති අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව ද ඉන්දීය සෞඛ්‍ය අංශ මේ වනවිට තොරතුරු රැස් කරමින් පවතිනවා.