රනිල් අභියෝගය භාර ගත්තා පමණක් නොව වසර 02ක් ඇතුළත සමත් කියා පෙන්වා ඇති බවත් භාර ගත් දේ ඔහු කරලා පෙන්වපු නිසා තව ඉස්සරහටත් මේ ක්‍රමය යන්න ඕනේ යැයි තමා ජනතාවට පවසන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර, පදවිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමිනි.
“අවුරුදු 75 ක්ම මේ රටේ හොරා කෑවා නම් කොහොමද මේ රට මෙහෙම දියුණු වෙලා තියෙන්නේ. මේ අවුරුදු 75 තුළ හොරකම් කරපු දේශපාලඥයොත් ඉන්න ඇති. අපි කියන්නේ නෑ, නෑ කියලා. එහෙම නෑ කිව්වොත් ඒක බොරුනේ. ඔබතුමන්ලාට මතක ඇති ගෝඨා ගෝ හෝම් කියලා අපි ගෝඨාභය රාජපක්ෂව එලෙව්වා නේද? මේ ගමේ කුඹුරුවලත් බෝඩ් අල්ලාගෙන ඉන්න ඇති. මම තරහා නෑ. අපිම පත් කරපු ජනාධිපතිතුමා අපිට පොහොර ටික දෙන් නැති වෙන කොට අපි විරුද්ධ වුණා. මොකද අපිට දැනෙනවා පොහොර ප්‍රශ්නය. පොහොර ටික තමයි අපේ අනාගතය. අපේ ජීවිතය. අපේ දරුවන්ට කන්න බොන්න ටික දෙන්නේ.
අරගලයේ උච්චතම අවස්ථාව මොකක්ද? අරලියගහ මන්දිරයත් අල්ලාගෙන, රජගෙදරත් අල්ලාගෙන, ගෝඨා පැනලා ගිහිල්ලා, මයිනයි-කපුටයි, ඒ හිටිය ආණ්ඩුවයි සේරම ඉල්ලා අස්වෙලා අපි මාර චූන් එකකනේ හිටියේ. අපි රටක් රාජ්‍යයක් ඇල්ලුවා වගේනේ ගෝල් ෆේස් එකේ හිටියේ. සේරම එළෙව්වාට පස්සේ හරි නම් සජිත් මහත්තයා ඇවිත් භාර ගන්න එපැයි, හැබැයි භාර ගත්තේ නෑනේ, දැන් මේ අනුරකුමාර මහත්තයාගේ වේදිකාවේ ඉන්න කළාකරුවෝ, විද්වත්තු, නළු නිළියෝ, අනුර මාරයි කියන කට්ටියට පෙනුන් නැද්ද ඒ වෙලාවේ අනේ රටේ ජනාධිපතිතුත් පැනලා ගිහිල්ලා ආණ්ඩුවත් පැනලා ගිහිල්ලා මේ වෙලාව තමයි නියම වෙලාව අනුර සහෝදරයා රට බේර ගන්න මිනිහා බවට පත් කරන්න කියලා ඒ උදවියට තේරෙන්න ඕන එදානේ. එදා තේරිලා මේ වගකීම භාර ගත්තා නම් අද ඔය වේදිකා ගානේ ගිහින් කියන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක බිමේ පැළ කරන්න පුලුවන් ක්‍රමයක් නම් එදා ඒක පොළවේ පැළ කළා නම් අද අපි මේ රැස්වීම තියන්නේ අනුර වෙනුවෙන් නේද? එදා මේ වගකීම සජිත් භාර ගත්තා නම් අද අපි මේ රැස්වීම තියන්නේ සජිත් වෙනුවෙන් නේද? මේක නේද ඇත්ත.
හැබැයි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගත්තේ නැත්නම් අදත් අපිට උඩ බලන් ඉන්න වෙනවා. නායකයෙක් නැති, පරිපාලනයක් නැති ආර්ථිකයක් නැති රටක, අර බංගලාදේශය වගේ අපි ඔහේ නිකන් ඉන්න විනාශකාරී ජාතියක් වෙනවා. ගල් යුගයට අපිට යන්න වෙනවා. ඒ නිසා තමයි අපි ඔබතුමන්ලාට කියන්නේ 21 වැනිදා කියන්නේ ඉතාමත් තීරණාතමක දවසක්. 2048 ගැන කථා කරනවානේ. 2048 දී සංවර්ධිත රටක් කියලා කියනවානේ. දැන් අපෙන් සමහර අය අහනවා, මෙයා ඉඳියිද 2048 වෙනකල් කියලා. මෙයා නෙමෙයි මමත් නැති වෙයි. අපිට පේනවා නම් මේ ගමන ගියහම අපි අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වෙනවා. අපේ රට ගොඩයනවා. ඒකෙන් ගොඩයන්නේ අපේ දරුවා, ඔබේ දරුවා, නූපන් දරුවාට හොඳ රටක් වෙනවා. අපි වින්ද දුක් විඳින්නේ නැති රටක් විදිහට මේ රට පත් කරනවා නම් ඒක වරද් විදිහට නෙමෙයි හොඳක් විදිහට අපි දකින්න ඕන. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ දවස් ටිකේ මේ පණිවිඩය අරන් ගමේ යන්න.”