26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරණය කළ 06ක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරණය කළ 06ක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයින් 06 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් ජනාධිපති අපේක්ෂයෙකුගේ ජන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින් නීතිවිරෝධී අයුරින් යතුරුපැදි පෙළපාලියක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.