මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) දිගන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමිනි.
මේ රටේ සියලු දෙමළ, මුස්ලිම් ජනතාවට ගැලපෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණක් වන බවත් රටේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති වුණත් අපි ගත් විදෙස් ණය අපට තවම ගෙවාගන්න බැරි තත්ත්වයක් පවතින බවට්ත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
“රටේ තත්ත්වය මේ වන විට ඉතා අවදානම් බව පැවසිය යුතුයි. රටේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති වුණත් අපි ගත් විදෙස් ණය අපට තවම ගෙවාගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. රටේ ජනතාව සියයට පනස් හතරක් බඩගින්නේ පසුවෙනවා. මේ ජනාධිපතිවරණයෙන් දිනන්න පුළුවන් සජිත් පෙු්මදාසට පමණයි. අපි ලක්ෂ විස්සක්වත් ඡන්ද වැඩිකර ගත යුතුයි. අනුර කුමාර දිසානායකට වඩා ඡන්ද තිස්පන් දහසක්වත් එක ආසනයකින් ලබා ගත යුුතුයි.
මේ රටේ සියලු දෙමළ මුස්ලිම් ජනතාවට ගැලපෙන එකම නායකයා සජිත් ප්‍රේමදාසයි. වතුකරය නියෝජනය කරන ප්‍රධාන වතු වෘත්තිය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල සමගි ජන බලවේගය සමගයි. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමි කරගන්නේ සමගි ජන බලවේගයයි. අපිට දැන් මාලිමාවේ තොප්පි, ටී ෂර්ට් දා ගත්ත මැරයන් ප්‍රසිද්ධියේ තර්ජනය කරනවා. මාලිමාවේ සමහර නායකයෝ රටේ ජනතාවට ප්රචණ්ඩත්වය ව්‍යාප්ත කරනවා. සමහර නායකයෝ කියනවා ගිනි තියන්න ඕනේ, පහර දෙන්න ඕනේ කියලා.”