28.9 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 51%ක් මේ වනවිටත් බෙදාහැර අවසන් කර තිබෙනවා.

තැපැල්පති ආර්. සත්කුමාර පවසන්නේ මේ වනවිට ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 8.7ක පමණ ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ මස 14 වැනිදා දක්වා තැපැල්කරුවන් විසින් බෙදාහැරීමට නියමිත බවයි.

එමෙන්ම ඊයේ (08) දිනයේදී ද ඡන්ද කාඩ්පත් මිලියන 3.3කට අධික සංඛ්‍යවක් බෙදාහැර ඇති බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ඊයේ (08) දිනය නම් කර තිබූ අතර ලබන 14 වැනිදා ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබෙනවා.