30 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැපුම් තුවාල සහිත මළ සිරුරක් යාපනයෙන් හමුවෙයි

කැපුම් තුවාල සහිත මළ සිරුරක් යාපනයෙන් හමුවෙයි

යාපනය, ඌර්කාවතුරේ පොලිස් වසමට අයත් අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමු වී තිබෙනවා.

ඌර්කාවතුරේ පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අල්ලෙයිපිඩ්ඩි 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් පමණ වන ගජේන්ද්‍රන් නමැති අයෙකු බවයි.

අදාළ ප්‍රදේශයේ අලුතින් ඉදිකරනු ලබන ගොඩනැගිල්ලක් අසළදී මෙම මෘත දේහය හමුව ඇති අතර සිරුරේ පවතින කැපුම් තුවාල හේතුවෙන් එය ඝාතනයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඒ අනුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.