― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුර්ලභ දිය බල්ලෙක් කල්මුණෙන් සොයා ගැනේ

දුර්ලභ දිය බල්ලෙක් කල්මුණෙන් සොයා ගැනේ

දුර්ලභ ගණයේ දිය බල්ලෙක් කල්මුණේ ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මෙම සත්ත්වයා පසුගියදා (07) සොයාගෙන ඇති අතර පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දී ඇත.

මෙම දිය බල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ පෞද්ගලික වාහන අලුත්වැඩියා කරන ස්ථානයක අයාලේ යමින් සිටියදී යි සොයාගෙන ඇත්තේ.

පෙනුමෙන් විශාල ශරීරයක් සහිත මෙම සත්ත්වයා ළුට්‍රොගලෙ කුලයට අයත් සත්ත්වයෙක් ලෙසයි සැලකෙන්නේ.

එම සත්ත්වයා ඉන්දියානු උප මහද්වීපයේ සහ අග්නිදිග ආසියාතික රටවල දක්නට ලැබෙනවා.

මෙම සත්ත්වයාගේ රෝම කූප අනෙකුත් දිය බල්ලන්ට වඩා කෙටි හා සිනිඳු වන අතර පිහිනීමට සහ මසුන් ඇල්ලීමට සහාය වීම සඳහා පාත්තයින් මෙන් ඇඟිලිවල සම පිහිටා තිබෙනවා.

ඔවුන්ගේ කටු සහිත දිගු වලිගය පිහිනීම සඳහා වරල් ලෙස භාවිතා කරනවා.