27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල් කර තිබූ ත්‍රිරෝද රථයක බිළිඳු මළ සිරුරක්

ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක බිළිඳු මළ සිරුරක්

ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබූ බිළිඳු මළ සිරුරක් හමු වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබියදී මෙම බිළිඳු මළ සිරුර හමුව ඇති බවයි.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ඩී.එල් කොටසේ වතු නිවාස පේළියක් අසළ ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හැමීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදීයි ත්‍රිරෝද රථයේ පිටුපස තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත්තේ.

ත්‍රිරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත් ඔහු ත්‍රිරෝද රථයෙන් කුලී රථ ගමනක් ගොස් ආපසු අද (10) උදෑසන නිවසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇති බවත් පොලීසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශ කටයුතු සිදු කිරීමට නියමිතයි.