26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්දෙට පාසල් වසාදැමීම ගැන නිවේදනයක්

ඡන්දෙට පාසල් වසාදැමීම ගැන නිවේදනයක්

පාසල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල්වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ හා රජයේ නොවන පාසල් එදින වසා තැබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේනමුත් එලෙස වසා දැමෙන සියලුම පාසල් සැප්තැම්බර් මස 23 වැනිදා යළිත් ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් මස 19 වැනිදා පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතුයි.