30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුතාගේ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

පුතාගේ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

පුත්‍රයෙක් විසින් සිය පියා ඝාතනය කිරීමේ පුවතක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ 25 හැවිරිදි පුත්‍රයා පොල්ලකින් හා මිටියකින් පහර දී පියාව ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු පියෙක්.

සැකකාර පුත්‍රයා විසින් අද (10) අලුයම පොල්ලකින් හා මිටියකින් පහරදී නිවස තුළදීම සිය පියා ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතනයට සැකපිට පුත්‍රයා තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.