― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsඡන්දෙන් පස්සෙ විදෙස්ගත වීමට අවශ්‍යතාවයක් නෑ - ටිරාන්

ඡන්දෙන් පස්සෙ විදෙස්ගත වීමට අවශ්‍යතාවයක් නෑ – ටිරාන්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අද (11) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ අනිවාර්යෙන්ම ජයගන්නා බවත් ජනාධිපතිවරණයෙන් පසු යුක්තියේ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තදින්ම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා රනිල්ට තවත් කාලය ලබාදිය යුතු බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ මේක අත්හදා බැලීම් කරන්න කාලයක් නොවන බවත් ජනතාව හදවතින් නොව මොළයෙන් සිතා කටයුතු කළ යුතු බවයි.