― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශීය දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් රහසේම ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටි ගුවන් මගියෙක් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදීයි මෙම ගුවන් මගියා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි, ගුවන් මගින් සිය ව්‍යාපාරික කටයුතු සිදුකරන පුද්ගලයෙක් බවයි.

මොහු අද අලුයම 05.25 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ
8 ඩී.- 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ‘ප්ලැටිනම්’ සහ ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 34,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 172 ක් සගවා ගෙන සිටියදී සොයාගෙන තිබෙනවා.