24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව උපකාරක පංති අද මැදියමේ සිට තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පංති අද මැදියමේ සිට තහනම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදු කරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බවයි.