23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොරෙන් ගෙනා ඖෂධ තොගයක් කටුනායකදී රේගු භාරයට

හොරෙන් ගෙනා ඖෂධ තොගයක් කටුනායකදී රේගු භාරයට

නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ඖෂධ තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා මෙම ඖෂධ තොගය අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් වන අතර මොහු ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙන විත් රට පුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටින පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අද අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීම භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් හමු වී තිබෙනවා.