― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඔවුන් අද පස්වරු 02.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ටෙස්ට් තරගයකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය තුළදී පරාජයට පත් වූයේ වසර 10 කට පසුව වීම විශේෂත්වයකි.

ගුවන්තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා කියා සිටියේ තමන් මෙම තරගාවලිය හොඳින් නිමා කළ බවත් මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්‍රහණය අහිමි වී ගිය බවත්ය.

එමෙන්ම එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොඳින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.