25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ලොරි – යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තෝප්පුව දෙස සිට දංකොටුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ ජයගම, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.