― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsඅලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් - අගමැති

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) පස්වරුවේ
කැස්බෑවේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

බංකොලොත් වී තිබූ රටක් නිවැරදි කළමනාකරණයක් තුළින් වේගයෙන් යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ බවයි ඔහු එහිදී කියා සිටියේ.

“මේ රටේ සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමට කටයුතු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා අධ්‍යාපන ඇමතිවරයා ලෙස විද්‍යා පීඨ ආරම්භ කළා. ගුරු පුහුණු මධ්‍යස්ථාන බහුතරයක් ආරම්භ කළා. මේ රටට අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේම ලක්ෂණයක් බව කිව යුතුයි. මේ රටේ පළමු රූපවාහිනී නාලිකාව ආරම්භ කළේද ඒ වික්‍රමසිංහ පරපුරේ තවත් පුරුකක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහෝදරයායි.

ජනතා විමුක්ති පෙරමුණ රට නොමග යවා බලය ලබා ගැනීමට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු කිරීමට නොවෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර තුනක් පමණක් තබාගෙන ජනාධිපති සිහිනය දකින ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමට යන්නේ බලහත්කාරයෙන්ද කියා මම ප්‍රශ්න කරනවා. මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් මෙතක් දුර පැමිණි මාවතේ නොනැවතී ගමන් කළ හොත් සංවර්ධිත රටක් යනු තවත් වචනයක් පමණක්ම නොවන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට ඔබේ සහාය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”