23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

ඩුබායි හි වාසය කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ මෙරට සිටින ප්‍රධානතම ගෝලයා කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙයුමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහු ආඬිඅම්බලම ‘බිග් සිටි’ නිවාස සංකීර්ණයේ වාසය කළ 30 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොහු සන්තකයෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොරාගත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිතා කරමින් ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය සිල්ලර වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවන් වෙත සැපයීම සිදු කරගෙන ගොස් ඇති අතර තවත් අවස්ථාවලදී මෙම වාහන වලින් ගොස් වෙඩි තැබීම් සහ පිහි ඇනුම් සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොහු ඉකුත් මැයි මස 05 වැනිදා හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර සැප්තැම්බර් 05 වැනිදා ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදු කර පළා ගොස් තිබුණා.

මීට අමතරව මොහු පදිංචි නිවෙස වටලා පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී ගනේමුල්ල පොලිස් වසම තුළ දී සොරා ගත් ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා භාණ්ඩ ද, කඩුවක් සහ කිනිස්සක් ද සොයාගෙන තිබෙනවා.

මොහු අද (18) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.