― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඡන්දෙට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

ඡන්දෙට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන සෙනසුරාදා (21) ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මකයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි.

එමෙන්ම පෞද්ගලික බස්රථ සංගම් පවසන්නේ පෞද්ගලික බස් රථ සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බවත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත්ය.