27.2 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්

වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්

යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා.

මෙම ප්‍රභේදය නම්කර ඇත්තේ එක්ස්. ඊ. සී (XEC) ලෙසින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව කොවිඩ් ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේ ජර්මනියෙන් සොයාගත් අතර ඉක්මනින් ව්‍යාප්ත විය හැකි කොවිඩ් ප්‍රභේදයක් බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් එකතු වී මෙම නව එක්ස්.ඊ.සී ප්‍රභේදය සෑදී ඇති අතර පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල මෙම නව ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයෝ පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට මෙම නව එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව අවම බවයි.