27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවායේ රක්ෂිතයක ගින්නක්

වැල්ලවායේ රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේදී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් පැතිර යාම හේතුවෙන් රක්ෂිතයේ අක්කර පනහකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකයේ දැනුම් දීමක් අනුව යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද ගින්න මැඩපැවැත්වීම සදහා කැඳවූ අතර පසුව ඊයේ රාත්‍රිය වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

පොලීසිය සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි.