26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඇරඹේ

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීමේ කටයුතු අද පෙරවරුවේ සිට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මෙවර මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හත්ළිස් එක්දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා සිටිනවා.

ඒ සඳහා රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර ඇති අතර
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713ක් ස්ථාපිත කර තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් යොදවා ඇති අතර ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවයි මැතිවරණ
කොමිසම පවසන්නේ.