― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිදිගම වෙඩි තැබීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

මිදිගම වෙඩි තැබීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

මිදිගම ප්‍රදේශයේදී ඊයේ (19) සිදු වූ වෙඩි තැබීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් මිදිගම දිගරැද්ද හා හාතපැලෑන යන ප්‍රදේශවල කළ වැටලීමකදීයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක්ද සොයාගෙන තිබෙනවා.

මිදිගම, ගොවියාපාන පාලම අසළදී ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.