27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද (08) උතුරු සහ උතුරු-මැද පළාත්වල, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයේ සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල සවස 1:00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි ඇතිවීමට හැකිවී තිබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කීවේය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාවගෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියි.