― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot News2025 අයවැය ඉදිරිපත් කිරීම පෙබරවාරි 17

2025 අයවැය ඉදිරිපත් කිරීම පෙබරවාරි 17

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළා.

2025 ජනවාරි 9 දින පළමුවර කියවීම සඳහා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී තිබුණා. ඒ අනුව, අයවැය කථාව ලෙස දෙවනවර කියවීම පෙබරවාරි 17 දින සිදුකර, විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. පෙබරවාරි 25 ප.ව 6.00ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ද සිදුකරනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක් ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි. පනත් කෙටුම්පතේ තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 දින ප.ව 6.00ට පැවැත්වෙනවා.

අයවැය කාලසීමාවේදී, සෑම දිනයකම පෙ.ව 9.30 – 10.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කරන අතර, පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ. ඡන්ද විමසීම් දිනයන් වන පෙබරවාරි 25 සහ මාර්තු 21 හැර අනෙකුත් දිනවල ප.ව 6.00 – 6.30 කාලය සභාව කල්තබන යෝජනා සඳහා වෙන් කිරීමටද එකඟතාවය පළ වී තිබුණා.