උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පවතිමින් තිබූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට නැවත ක්‍රියාත්මක කරන බව සිව ගංගී නැව් සමාගම නිවේදනය කරයි.
පසුගිය වසරේ (2024) ආරම්භ වූ මෙම නැව් සේවාව, ඔක්තෝබර්, නොවැම්බර්, සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපාපු අධික සුලිසුලං, කුණාටු තත්වයන්, සහ ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට සිදුවුණි.
කෙසේ වෙතත්, මෝසම් වර්ෂාව මගින් මෙම සේවාවට ඇති වූ දැඩි බලපෑමට පිළියමක් සෙවීම සඳහා සහ තාක්ෂණික උපදෙස් ලබාගැනීමට සිව ගංගී නැව් සමාගම කටයුතු කළ බවත් සඳහන් කරයි.
නැවත ආරම්භ වන මෙම මගී නැව් සේවාව සඳහා මගීන්ට අවශ්‍ය ආසන වෙන්කරවා ගැනීමේ අවස්ථාව සතියකට පෙර ලබා දී තිබූ අතර, ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව රුපියල් 35,000ක් ලෙස තීරණය කර ඇත.
එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි මගී ගමනාගමනය සිදුකිරීම සඳහා නැව් සේවා සමාගම බලාපොරොත්තු වෙයි


