― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsසැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට

සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන සැකකරුවන් තුන්දෙනෙකුගෙන් අපරාධ රැසක් පිළිබඳ තොරතුරු හෙළිවූ බව පොලිසිය පවසනව‌ා.

පසුගිය 11 වනද‌ා හංවැල්ල පොලිසිය මගින් සැකකරුවන් තුන්දෙනෙකු තුංමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී හෙළිවී ඇත්තේ මොවුන් ප්‍රදේශ රැසකදී රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් 9 කට සහ යතුරු පැදි සොරකමකට සම්බන්ධවී ඇති බවයි.

එම දේපළ වලින් රන් මාල දෙකක් හා පෙන්ඩනයක් උකස් කර තිබියදී සහ අන්තර් ජාලය මගින් දැන්වීම් පළ කළ රන් භාණ්ඩ මිලදී ගන්නා අයට අලෙවි කර උණුකර තිබියදී රන් කැබිලි 9ක් සොයා ගැණුනා.

අපරාධය සඳහා යොදා ගත් බව සැකකෙරෙන යතුරුපැදි දෙකක් සහ ආරක්ෂක හිස්වැසුම් ඇතුලු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා.