― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsවිජයමුණි සොයිසා අනිද්දා වලාන දූෂණ මර්දන ඒකකයට

විජයමුණි සොයිසා අනිද්දා වලාන දූෂණ මර්දන ඒකකයට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට අනිද්දා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එකළස් කරන ලද බවට සැකකෙරෙන ට්‍රක් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පසුගිය මාසයේදී හපුතලේ ප්‍රදේශයෙන් මෙම සැක සහිත ට්‍රක් රථය සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව බණ්ඩාරවෙල අධිකරණය දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මීට පෙර, පසුගිය අඟහරුවාදා දින හිටපු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටියේය. එහෙත් ප්‍රකාශය ලබාගැනීම ආරම්භ කිරීමෙන් අනතුරුව, තමන්ට හදිසි අසනීප තත්ත්වයක් ඇති බව පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වී තිබේ.